ලංකා වානිජ මණ්ඩලය සහ ගුජරාට් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම, ව්‍යාපාරික සහයෝගීතාවන් වර්ධනය කිරීම සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.
එම අවස්ථාවේ දී ගුජරාට් මහ ඇමති භූපේන්ද්‍ර පටෙල් හමුවීමෙන් පසු, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ ජනමාධ්‍ය වෙත පැවසුවේ, අගමැති නරේන්ද්‍ර මෝදි එහි ප්‍රධාන අමාත්‍යවරයා වූ අවධියේ සිට ශ්‍රී ලංකාව ගුජරාටයේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
පාර්ශවයන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම වඩාත් සහයෝගීතාවයකට මග පාදනු ඇති බව මහකොමසාරිස්වරිය පැවසුවා.
- “ගුජරාට් ගැන බොහෝ උනන්දුවක් ඇති වී තිබෙනවා. ගුජරාට් සහ ශ්‍රී ලංකාව අතර පුරාණ සම්බන්ධතා ගැන ද මම ඔහුට පැවසුවා. ගුජරාටයේ දිගු වෙරළ තීරය ඇති අතර ගුජරාටයේ ජනතාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව යන දෙපාර්ශ්වයම සමුද්‍රීය ක්ෂේතය හා සම්බන්ධයි. ඒ අර්ථයෙන් අපි සමුද්‍රීය ජාතීන්. ගුජරාට් යනු සමුද්‍රීය ප්‍රාන්තයක්, ශ්‍රී ලංකාව සමුද්‍රීය ජාතියක්. අප දෙදෙනාටම ගැඹුරු වරායන් ඇති අතර, ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රතිනැව්ගත කිරීමේ වෙළඳාමෙන් විශාල ප්‍රමාණයක් හසුරුවනවා,”
- “පසුගිය මාසයේ අපගේ අග්‍රාමාත්‍යවරිය මෙහි පැමිණි විට, ඇය අවධාරණය කළේ ඉන්දියාවට ශ්‍රී ලංකාවේ වරායන් ලෝකයට පිවිසෙන දොරටු ලෙස භාවිතා කළ හැකි බවයි. ඉතින් අපි මේ සියල්ල සාකච්ඡා කළා. ඒ වගේම අපි රෙදිපිළි, ඖෂධ, ආගන්තුක සත්කාර කර්මාන්තය, සංචාරක ක්ෂේත්රයේ අවස්ථා ගැන ද සාකච්ඡා කළා,”
- “ගුජරාට් සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය සඳහා ඇති ක්ෂේත්‍ර අසීමිත යැයි මම විශ්වාස කරනවා.”





