සම ආශ්‍රිතව සෑදෙන පිළිකාවන්හි වැඩිවීමක්

අධික හිරු රශ්මිය හේතුවෙන් සම ආශ්‍රිතව සෑදෙන පිළිකාවන්හි වැඩිවීමක් දක්නට ලැබෙන බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් මහත්මිය කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අනාවරණ කළා.
ඊට එක් වූ විශේෂඥ වෛද්‍ය සේනක තලගල මහතා පැවසුවේ දිනකට පිළිකා රෝගීන් 40 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වන බවයි.

වාර්ෂිකව අලුතින් හඳුනා ගන්නා පිළිකා රෝගීන්ගේ වර්ධනයක් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක තලගල මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ පිළිකා රෝගය කලින් හඳුනාගැනීම සදහා අවශ්‍ය පහසුකම් රජය මගින් ජනතාවට සලසා දී ඇති බවයි.

මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් සම ආශ්‍රිතව සෑදෙන පිළිකාවන් හි වැඩිවීමක් දක්නට ලැබෙන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් මහත්මිය පවසනවා

Share