අද දිනය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.
අද උදෑසන 6.30 න් අවසන් වූ පැය 24ක කාලය තුළ මිලි මීටර් 204ක වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබෙන්නේ කැස්බෑව ප්‍රදේශයෙන්.
ඊසාන දෙසින් දිවයිනට ආසන්නයේ පවතින පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද පස්වරු 3.30 දක්වා බල පැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා.
එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පුත්තලම, ගාල්ල මහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි 200ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
මිට අමතරව උතුර සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් මි.මි 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
අද උදෑසන 6.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මි.මි 204ක් වූ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ කැස්බෑව ප්‍රදේශයෙන්.
ඊට අමතරව ගම්පහ වේයන්ගොඩට මි.මි 145ක වර්ෂාපතනයක් සහ රත්නපුර ගිලීමලේ ප්‍රදේශයට මි.මි 121 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
තවත් ප්‍රදේශ රැසකින් මිලි මීටර් 100ට වැඩි තද වැසි වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අද අලුයම් කාලයේ සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යට වුණා.
මේ හේතුවෙන් අද උදෑසන කොළඹ ප්‍රදේශ රැසක අධික රථවාහන තදබදයක් ද දක්නට ලැබුණා.
මීට අමතරව තවත් ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට වී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
අධිකාරිය දැනුම් දෙන්නේ කාලගුණය අයහපත් වීම හේතුවෙන් දහවල් කාලයේද කළුවර සහ මීදුම් තත්ත්වයක් ඇතිවී තිබීම හේතුවෙන් වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසයි.
විශේෂයෙන් පැයට කිලෝමීටර් 60ක සීමාවේ තබාගෙන පාලනය කරගත හැකි වේගයකින් හා පරතරය තබාගෙන වාහන පදවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර පවතින අධික වර්ෂා සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රධාන ජලාශ 16 ක් ඇතුළු ජලාශ 33 ක් මේ වන විට වාන් දමමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.
රාජාංගන ජලාශය වාන් දොරටු 8 ක් විවෘත කර තිබෙනවා.
දැදුරු ඔය වාන් දොරටු 04 ක් සහ අලිකොටආර ජලාශයේ වාන් දොරටු 03ක්ද විවෘත කර තිබෙනවා.
ලුණුගම්වෙහෙර ජලාශය වාන් දොරටු 04ක් මේ වන විට විවෘත කර තිබෙනවා.
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් මහආරගම උල්කන්දේ නායයෑමක් සිදු වී තිබෙනවා.
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව බදුල්ල, ගාල්ල, කලුතර, මහනුවර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටමේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.




