දිවයිනේ ප්‍රදේශ රැසක යල කන්නයේ වී වගා කටයුතු මේවන විටත් ආරම්භ කර තිබෙනවා.
කෙසේවෙතත් ගොවීන් චෝදනා කරන්නේ සිය වගා කටයුතු සිදුකරගෙන යාමට ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබෙන බවටයි.
මේවන විටත් වෙළඳපොළේ පොහොර මිටියක මිල රුපියල් 16,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවටත් ගොවින් මැසිව්ලි නඟනවා.
ඔවුන් පවසන්නේ ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබුණහොත් තමන්ට පාරට බැසීමට සිදුවන බවයි.




