ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් “Zootopia 2” චිත්‍රපටය, 2019 වසරේ තිරගත වූ “Frozen 2” චිත්‍රපටය අභිබවා යමින් ඩිස්නි ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ සජීවීකරණ (Animation) චිත්‍රපටය බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඩිස්නි සමාගම විසින් පසුගියදා නිකුත් කරන ලද වාර්තාවලට අනුව, මෙම චිත්‍රපටය මේ වන විට උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.46ක්.
මීට පෙර එහි පෙරමුණේ සිටි “Frozen 2” චිත්‍රපටය උපයා තිබූණේ ඩොලර් බිලියන 1.45ක් පමණයි.
මෙම සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ චීනයෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරයි.
චීනයේ පමණක් මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 560කට වඩා උපයා ඇති අතර, එහි ප්‍රදර්ශනය ආරම්භ කළ මුල් සති අන්තයේ චීනයේ මුළු සිනමා ටිකට්පත් අලෙවියෙන් සියයට 95ක්ම හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
වෝල්ට් ඩිස්නි ඇනිමේෂන් ස්ටූඩියෝස් ඉතිහාසයේ ඩොලර් බිලියනය ඉක්මවා ගිය පස්වන චිත්‍රපටය ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇති.





