ළමා ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධ මිලියන ගණනක් ලිපිගොනු, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවල නීතිමය සීමාව සපුරන ක්‍රියාවන් සිදු කළ ගෝලීය අපරාධ ව්‍යාපාරයක් හෙළි කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් පත් කරන ලද ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් පවසනවා.
ලිපි ගොනුවල අඩංගු චෝදනා සඳහා ස්වාධීන, පරිපූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බව පවසන එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් එවැනි අපරාධ මෙතරම් කාලයක් සිදු කිරීමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳව ද පරීක්ෂණ ආරම්භ කළ යුතු බව පවසනවා.
බොහෝ බලගතු පුද්ගලයින්ගේ නම් ලිපිගොනුවල ඇතත්, ඔවුන් කිසිවෙකුට එරෙහිව නීතිමය පියවරක් ගෙන නැති බව පවසන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ‘එප්ස්ටයින් ලිපිගොනුවලින් ඉවත් වීමට කාලය පැමිණ ඇති බවට කරන ඕනෑම යෝජනාවක් පිළිගත නොහැකි බව ද එය වින්දිතයින් පිළිබඳ වගකීම අත්හැරීමත් බව ද පෙන්වා දෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින්ගේ මෙම වාර්තාව පැමිණෙන්නේ, එක්සත් ජනපදය දැන් එප්ස්ටයින් ලිපිගොනුවලින් ඉවත් විය යුතු බවට එක්සත් ජනපද ජනාධිපතිවරයා දැඩිව සහ ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකාශයේ උණුසුම මැකී යෑමට මත්තෙන් වීම විශේෂත්වයක්.





