එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩාවැටීම හේතුවෙන් වර්තමානයේ අසම්මත විකල්පයන් රාජ්‍ය බලය හොඹවන බව ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසනවා.
මහාචාර්ය ජී. එල්. පීරිස්. මහතා විසින් රචිත “The Srilanka Peace Process” කෘතිය එළිදැක්වීමේ උත්සහයට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ රට තුළ තවත් අර්බුදයක් ඇතිවීම වැළැක්වීමටනම් වහාම පළාත් සභා මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.
හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස්.මහතා විසින් රචිත “The Srilanka Peace Process” කෘතිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ එළිදැක්වුණා.





