PIBT අධ්‍යාපන ආයතනය Greenwich සරසවිය සමඟ වසර 20ක දිගුකාලීන හවුල්කාරීත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත් වුණා.
ගෝලීය වශයෙන් පිළිගත් අධ්‍යයන මාර්ග පිරිනැමීමේදී Greenwich සරසවිය සමඟ එහි සහයෝගී හවුල්කාරීත්වයේ වැදගත්කම මෙහිදී පැහැදිළි කෙරුණු අතර PIBT අධ්‍යාපන ආයතනය සමග ඇතිකරගත් හවුල්කාරීත්වය තුළින් අධ්‍යයන විශිෂ්ටත්වය, ශිෂ්‍ය බලගැන්වීම සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට දක්වන දායකත්වය අවධාරණය කෙරුණා
වසර 20ක දිගුකාලීන හවුල්කාරීත්වය සැමරීම වෙනුවෙන් තෝරාගත් වැඩසටහන් සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයක් ද PIBT අධ්‍යාපන ආයතනය විසින් මෙහිදී හදුන්වා දෙනු ලැබුවා





