ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරඟ පහකින් සමන්විත විස්සයි20 ක්රිකට් තරඟාවලිය සඳහා ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සංචිතයට අත්දැකීම් බහුල ක්රීඩිකාවන් මෙන්ම දක්ෂ නවක ක්රීඩිකාවන් කිහිප දෙනෙකුම ඇතුළත් කර තිබෙනවා.
මෙවර සංචිතයේ විශේෂත්වය වන්නේ 17 හැවිරිදි ශෂිනි ගිම්හානි නැවත කණ්ඩායමට කැඳවා තිබීමයි.
ඇයට අත් දෙකෙන්ම පන්දු යැවීමේ හැකියාව ඇති අතර නවක ක්රීඩිකා නිමේෂා මධුෂානි මෙවර පළමු වරට සංචිතයට එක් කර තිබෙනවා.
දෙරට අතර පළමු තරඟ දෙක දෙසැම්බර් 21 සහ 23 යන දිනවල විශාකාපට්නම් හිදී පැවැත්වීමට නියමිත අතර, අවසන් තරඟ තුන දෙසැම්බර් 26, 28 සහ 30 යන දිනවල තිරුවනන්තපුරම් හිදී පැවැත්වීමට නියමිතයි.





