T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ තරග හෙට

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ තරග හෙට ආරම්භ වනවා.
එහි පළමු තරගය ලෙස නවසීලන්තය සහ පාකිස්ථානය අතර තරගය හෙට පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.
මෙවර තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් නාළිකාවටයි.

සුපිරි 8 දෙනාගේ වටයේ තරගය කාණ්ඩ 2ක් යටතේ පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට තරග 3ක් හිමිවනවා.
ඒ අනුව එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇති.
A කාණ්ඩය යටතේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍ය සහ සිම්බාබ්වේ කණ්ඩායම් තරග වදින අතර B කාණ්ඩය යටතේ තරග වදින්නේ ශ්‍රී ලංකාව, එංගලන්තය, පාකිස්ථානය සහ නවසීලන්තයයි.
සුපිරි 8 දෙනාගේ වටයේ පළමු තරගය ලෙස නවසීලන්තය සහ පාකිස්ථානය අතර හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා
ඒ සඳහා සහභාගී වන නවසීලන්ත කණ්ඩායම අද පුහුණු සැසියකට එක් වුනා. සම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය වන එංගලන්තය සමඟ තරගය ලබන 22දා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Share