මේ අතර T20 ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් නේපාලය සහ ඉතාලිය අතර මුම්බායී හී වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉතාලි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නේපාලයට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි නේපාල කණ්ඩායම පන්දුවාර 19යි පන්දු තුනක දී සියළු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 123ක් පමණයි.
ඉතාලි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ක්‍රිශාන් කලුගමගේ කඩුළු 3ක් දවාගැනීමට සමත් වුණා.
මීගමුව ප්‍රදේශයේ උපත ලබා ඇති ක්‍රිශාන් වයස අවුරුදු 16 දී සිය මව්පියන් සමග ඉතාලියට සංක්‍රමණය වී තිබෙනවා.
ඉතාලියේ රෝමා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහු පළමුවරට ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නේ 2022 වසරේ දී.
ලකුණු 124ක ඉලක්කය හඹා ගිය ඉතාලි කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 4ක් පමණක් වැය කරමින් කිසිවෙකු නොදැවී සිය ජයග්‍රහණය සපුරා ගත්තා.
පළමුවරට ලෝක කුසලාන t20 තරගාවලියක් නියෝජනය කරන ඉතාලිය ලැබූ පළමු ජයග්‍රහණය මෙයයි.





