T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අදයි

T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද ඉන්දියාව සහ නවසීලන්තය අතර අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගය පැවැත්වෙන්නේ වත්මන් ලෝක ශූර ඉන්දියව සහ නවසීලන්තය අතරයි.
තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය ටී.වී සුප්‍රීම් වෙත හිමිව තිබෙනවා.

කණ්ඩායම් 20 ක් කාණ්ඩ 4ක් යටතේ එක් කිරුළක් වෙනුවෙන් පෙබරවාරි මස 07 වැනිදා සිට තරග කළ T20 ලෝක කුසලාන තරගාවලියේ කූඨප්‍රාප්තිය අදයි.
නවසීලන්තය සහ ඉන්දියාව මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා සිටිනවා.
ලතින් පොප් රජු ලෙස විරුදාවලිය ලත් රිකී මාටින් ගේ සජීවී සංදර්ශනයකින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සමාප්ති උත්සවය වර්ණවත් වන ඇති.
සමාප්ති උත්සවය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30ට ආරම්භවනවා.
අවසන් පූර්ව වටයේ පළමු තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් නවසීලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
දෙවැනි තරගයේ දී එංගලන්තය හමුවේ කඩුලු 7ක තියුණු ජයකින් පසු ඉන්දියාව සිව්වැනි වරටත් t20 ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.
ඉන්දීය කණ්ඩායම මීට පෙර අවස්ථා 2ක දී ලෝක ශූරයින් ලෙස කිරුලු පැළඳීමට සමත් ව තිබෙනවා.
ඒ 2007 වසරේදී පාකිස්ථානයට එරෙහිව සහ 2024 වසරේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්.
තවමත් t20 ලෝක කුසලානය පහස විඳ නැති නවසීලන්තය 2021 වසරේ දී ඔස්ට්‍රේලියාව හමුවේ අනුශූරයින් ලෙස සෑහීහකට පත් වුණා.

Share