මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.
අපරාධ පරික්ෂණ දෙපාරතමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඊයේ රාත්‍රී 11ට පමණ අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නීති විරෝධීව එකලස් කල කැබ් රථයක චැසි අංකය සංශෝධනය කිරීමේ සිද්ධියකට අදාල අභ්‍යන්තර ලේඛන විනාශ කර අදාල සිද්ධියේ විමර්ශන කටයුතුවලදී බොරු ප්‍රකාශ ලබාදෙමින් මෙම සිද්ධියට අනුබල දීමේ චෝදනා යටතේයි.
අප කළ විමසීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාල සියලු තොරතුරු හෙළිදරව් කර ගැනීම සඳහා මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
කමල් අමරසිංහ වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ලත් කළේ 2025 අප්‍රේල් 22 දායි.





