‘Rebuilding Sri Lanka’ අරමුදලට දේශීය මෙන්ම විදේශීය ආධාර

දිට්වා සුළි කුනාටුව හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට මෙරටට දේශීය මෙන්ම විදේශීය සහය ද විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා
ඒ අනුව ඊයෙත් මෙරට විපතට පත්වූවන් වෙනුවෙන් සහනාධාර සහ අරමුදල් තොගයක් විවිධ පාර්ශවයන්ගෙන් ලැබුනා. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ව සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කලා
ඉන්දුනීසියානු තානාපති Dewi Gustina Tobing මහත්මිය විසින් ඊට අදාළ චෙක්පත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත අද එම අමාත්‍යාංශයේදී භාර දී තිබෙනවා
මේ අවස්ථාවට කොළඹ සිටින තානාපතිවරු සහ මහකොමසාරිස්වරු නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට මාගා ඉන්ජිනීයරින්ග් පුද්ගලික සමාගම විසින් රුපියල් මිලියන 25ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා
ඊට අදාළ චෙක්පත අරමුදලට මාගා ඉන්ජිනීයරින්ග් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ එම්. පියදාස මහතා විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දුන්නා.

ඊට අමතරව Rebuilding Sri Lanka අරමුදලට පීපල්ස් ලීසිං මූල්‍ය සමාගම රුපියල් මිලියන 7.5ක මූල්‍යමය පරිත්‍යාගයක්ද, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 2.5ක ද මූල්‍යමය පරිත්‍යාගයක්ද සිදුකළා.
ඊට අදාළ චෙක්පත් පීපල්ස් ලීසිං මූල්‍ය සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරි සංජීව බණ්ඩාරනායක මහතා සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරිනී ජීවනී කාරියවසම් මහත්මිය විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමා තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට තිලකවර්ධන සමූහය විසින් රුපියල් මිලියන 25ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා
ඊට අදාළ චෙක්පත තිලකවර්ධන සමූහ ව්‍යාපාරයෙහි අධිපති සුනිල් තිලකවර්ධන මහතා විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනැමුවා.

Share