දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ප්වාහනය, කෘෂිකර්මය, විදුලි සැපයුම සහ විදුලි සංදේශ සේවාවන් ඇතුළු අංශ ගණනාවකට බරපතළ ලෙස හානි සිදුව ඇති බව අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
වැව් 1,777ක්, වේලි 483ක්, ඇළ මාර්ග 1,936ක්, කුඩා වාරිමාර්ග මාර්ග 305ක් සහ කෘෂිකාර්මික මාර්ග 328කට හානි සිදුවී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.
එසේම ගොවිබිම් අක්කර 137,265ක් විනාශ වී තිබෙනවා.
විදුලි සම්බන්ධතා යථා තත්ත්වයට පත්වීම සියයට 91ක් වන නමුත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදුවෙමින් පවතිනවා.
බාධා එල්ල වූ විදුලි උපපොළවල් 16,178න් 11,315ක් නැවත සක්‍රිය කිරීමෙන් පසු, බලපෑමට ලක් වූ සම්බන්ධතා 3,531,841න් සියයට 72කට විදුලි සැපයම යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිදවැටුනු විදුලි සංදේශන පද්ධතිය සියයට 75කට වඩා මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරනවා.
දිත්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට ඊයේ දින වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර ඇතැයි භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.





