‘Rebuilding Sri Lanka’අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් රු. මි. 300ක මුදලක්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසු රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 300ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පැවසුවේ, මෙම තීරණය මගින් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ආදරය කරන ක්‍රීඩාවක් නියෝජනය කරන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සිය වගකීම පිළිබිඹු කරන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රට වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවත්, අවශ්‍ය සෑම විටම සහයෝගය ලබාදෙන බවත් එම නිවේදනයේ සඳහන්.

Share