IPL තරගාවලියේ 39 වැනි තරගයෙන් කඩුලු 9ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා.
මෙවර තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.
අරුන් ජේට්ලි ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් පන්දු යවන්නන් හමුවේ දිල්ලි පිතිකරුවන් සම්පූර්ණයෙන්ම අසරණ වූ අයුරු දැකගත හැකි වුණා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ අරුන් ජේට්ලි ක්‍රීඩාංගණයේදී.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කණ්ඩායමට පන්දු වාර 16යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 75ක් පමණයි.
තරගයේ ආරම්භයේදීම ජොෂ් හෙසල්වුඩ් සහ භුවනේෂ්වර් කුමාර් එල්ල කළ ප්‍රබල පන්දු ප්‍රහාරය හමුවේ දිල්ලි ඉනිම පන්දුවාර 6ක් අවසානයේ ලකුණු 13කට කඩුලු 6ක් ලෙස දැවැන්ත බිඳවැටීමකට ලක් වුණා.
මෙය IPL ඉතිහාසයේ පවර් ප්ලේ පන්දුවාර කිහිපය තුළ කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි.
දිල්ලි කණ්ඩායම වෙනුවෙන් අභිෂේක් පෝරෙල් ලකුණු 30ක් ලබා ගනිමින් යම් සටනක් ලබාදීමට උත්සාහ කළත්, අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට බැංගලෝර් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
පන්දු යැවීමේදී ජොෂ් හෙසල්වුඩ් ලකුණු 12කට කඩුලු 4ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.
ලකුණු 76ක පහසු ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායම පන්දු වාර 6යි පන්දු 3ක් වැනි කෙටි කාලයකදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.
මේ තරගයේ දී විරාට් කෝලි IPL ඉතිහාසයේ ලකුණු 9000 සීමාව පසුකළ ප්‍රථම පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එකතු වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ තිබෙනවා.
අයිපීඑල් තරගාවලියේ තවත් තරගයක් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර අද රාත්‍රි 7.30ට පන්ජාබ් හිදී පැවැත්වෙනවා.





