මේ මස අග දී ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට දසුන් ශානක කැඳවා තිබෙනවා.
ඒ, ආබාධයකයකට ලක්ව සිටින සෑම් කරන්ගේ ආදේශක ක්‍රීඩකයා ලෙසයි.
සෑම් කරන්ගේ අහිමිවීම කණ්ඩායමට විශාල පාඩුවක් බව කණ්ඩායමේ අධ්යක්ෂ කුමාර සංගක්කාර සඳහන් කර ඇති අතර කණ්ඩායමේ සමබරතාවය රැකගැනීමේ අරමුණින් දසුන් ශානක කණ්ඩායමට කැඳවීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
විදේශීය විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියන් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග සහ කුසල් මෙන්ඩිස් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, මෙම ක්‍රීඩකයන් දෙදෙනාට අදාළ තරගාවලි සඳහා සහභාගී වීමට අවශ්‍ය “විරෝධතා නොමැති සහතිකය” (NOC) නිල වශයෙන් නිකුත් කර ඇති බව සඳහන්.
එෂාන් මාලිංගට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවෙනවා.
කුසල් මෙන්ඩිස්ට පාකිස්ථාන සුපර් ලීග් (PSL) තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
කෙසේ වෙතත් වනිඳු හසරංග ,නුවන් තුෂාර සහ මතීෂ පතිරණ ට ක්‍රිකට් ආයතනයේ අනුමැතිය මෙතෙක් ලැබී නැහැ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වූ කුසල් ජනිත් පෙරේරා තවදුරටත් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරිම් සඳහා සලකා බැලීමක් නොකරන බවට තේරිම් කමිටුව දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් ගත ක්‍රීඩක ලැයිස්තුවෙන් ඉවත්වන බව ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග සඳහන් කළා.
එම තත්ත්වය මත කුසල් ජනිත් පෙරේරා ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වීමකින් තොරවම පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියටද එක්වනු ඇති.
35 හැවිරිදි කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 22ක් හා එක්දින ජාත්‍යන්තර තරග 116 ක් මෙන්ම විස්සයි විස්ස තරග 95 කට ක්‍රීඩාකර තිබෙනවා.





