IPL ක්‍රීඩක වෙන්දේසිය

ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට අබුඩාබි නුවර දී මේ වන විට පැවැත්වෙනවා.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉදිරිපත් කෙරුණා.

2026 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වූ ක්‍රීඩකයින් 1355කු අතරින් ක්‍රීඩකයින් 369 දෙනෙකු අද වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළා.
දැනට වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් ග්‍රීන් , කොල්කටා නයිට් රයිඩර්ස් විසින් මිළදී ගත්තා.
ඒ ඉන්දීය රුපියල් කෝටි 25.2කට මුදලකටයි.
මෙය අයි.පී.එල්. ඉතිහාසයේ විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල වනවා.
මීට පෙර ඉහළම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා මිචෙල් ස්ටාක් වන අතර, ඔහු 2024 අදියරට අදාළ වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 24.75කට අලෙවි වුණා.
පසුගිය වසරේදී ඉන්දීය රුපියල් කෝටි 5.25කට රාජස්ථාන් රෝයල් කන්ඩායම විසින් මිළදී ගත් වනිදු හසරංග මෙවර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකටයි.
චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම විසින් නිදහස් කල මතීෂ පතිරණ මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61.20 පමණ වනවා.
මෙය අයිපීඑල් ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියක දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළම ලංසුවයි.
චෙන්නායී කණ්ඩායම විසින් නිදහස් කළ මහීෂ් තීක්ෂණ කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

Share