IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය තෙදින සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
ඇයගේ මෙරට සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඇතුලු පාර්ශවයන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳවත් සෘජුවම නිරීක්ෂණය කිරීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සඳහා සහය විය හැකි ක්‍රම සහ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දායක විය හැකි ආකාරය පිළිබඳවද අධ්‍යක්ෂවරියගේ සංචාරය තුළින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

Share