ICC වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකයි

ICC වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණයි.

සත්කාරක සිම්බාබ්වේ මෙන්ම හිටපු ශූරයන් යුගලයක් සහ ස්කොට්ලන්තය තරග වදින C කාණ්ඩය ගැනයි අද අවධානය.

2004 සහ 2006 දී අඛණ්ඩව කිරුළු පැළදී පාකිස්තානය තෙවැනි ශූරතාව අපේක්ෂාවෙන් තරගාවලියට එක් වන්නේ ආසියානු කුසලානයේ ජයග්‍රහණයෙන් ලද පන්නරයද සමග සී කාණ්ඩයේ මතු බලාපොරොත්තු සහිත යෞවනයන් කණ්ඩායමයි.

එක් වරක් ශුරයන් වූ එංගලන්තය මෙන්ම
පළමු තරඟාවලියේ සිට සෑම අදියරකටම එක්වු සත්කාරක සිම්බාබ්වේ සහ 11 වැනි වරටත් සහභාගී වන ස්කොට්ලන්තය C කාණ්ඩයේ තරග වදිනවා.

එංගලන්තය

තරඟ ඉතිහාසයේ සියලු තරගාවලි නියෝජනය කළ රටවල් පහෙන් එකක් වන එංගලන්තය ශුරතාවක් දිනා ගත්තේ 1998දී පමණයි.

ඔවුන් 2022 දී අවසන් මහා තරඟයට පිවිසි අතර, ඇන්ටිගුවා හිදී ඉන්දියාව හමුවේ පරාජය වූ අතර 2024 දී සුපිරි 6 අදියරේදී පරාජයට පත් වුණා.

එංගලන්තය තරගාවලියට එක් වන්නේ ප්‍රාන්ත තරගාවලියේ හොඳින් දස්කම් අතරට පැමිණි සංචිතයක් සමගයි.

පාකිස්තානය

19න් පහළ ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 191ක දැවැන්ත ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුණා.

අවසන් තරඟයේදී ලකුණු 172ක් සමගින් තරගාවලිය තුළ ලකුණු 471 ක් රැස් ක සමීර් මින්හාස් කණ්ඩායමෙි කැපී පෙනෙන ක්‍රීඩකයා වනවා.

පාකිස්තානය, 2004 සහ 2006 වසරවල අඛණ්ඩ ජයග්‍රහණ සමගින් පස් වතාවක් අයිසීසී අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන් 2014 වසරෙන් පසු අවසන් මහා තරගයකට සුදුසුකම් නොලැබූ නමුත් අවසන් වරට පැවති තරගාවලි හතරෙන් තුනකදීම අවසන් පූර්ව වටය⁣ට පිවිසියා.

ස්කොට්ලන්තය

ස්කොට්ලන්තය අගෝස්තු මාසයේදී යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරඟාවලිය හරහා මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්කේ නෙදර්ලන්තය ලකුණු 20කින් පරාජය කරමින්.

එහි ප්‍රතිඵලයක් ලෙස, ස්කොට්ලන්තය දැන් තරඟාවලියේ අවසන් අදියර අටෙන් හතකටම සුදුසුකම් ලබා ඇති අතර මෙවර කණ්ඩායම මෙහෙයවන්නේ තෝමස් නයිට් විසින්.

ඔවුන් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේ හිදී තරඟාවලිය ආරම්භ කරන්නේ 2014 වසරෙන් පසු ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායම් අදියරේ පළමු ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්.

සිම්බාබ්වේ

මව්බිමේ ක්‍රීඩා කරන සිම්බාබ්වේ, තරඟාවලියේ දෙවන අදියර සඳහා පිවිසීමට ඉන් වාසියක් ලබා ගැනීමට අනිවාර්යයෙන් බලාපොරොත්තු වනු ඇති.

සිම්බරාෂේ මුඩ්සෙන්ගෙරේ විසින් මෙහෙයවන සහ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක එල්ටන් චිගුම්බුරා විසින් පුහුණු කරන ලද සිම්බාබ්වේ කණ්ඩායමට කියන් සහ මයිකල් බ්ලිග්නෝට් යන නිවුන් ක්‍රීඩකයින් ද ඇතුළත් වන අතර, ඔහුගේ පියා ඇන්ඩි 1999 සහ 2010 අතර දශකයකට වැඩි කාලයක් සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රීඩා කළා.

ජනවාරි 15 වැනිදා සත්කාරක සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය තරගාවලිය මෙන්ම සී කාණ්ඩායේ තරග ද ආරම්භ කරනවා.

සී කාණ්ඩයේ අවසන් තරගය ජනවාරි 22 වැනිදා පැවැත්වෙන්නේ සිම්බාබ්වේ සහ පාකිස්තානය අතරයි.

Fixtures

15 January – Zimbabwe v Scotland

16 January – England v Pakistan

18 January – Zimbabwe v England

19 January – Pakistan v Scotland

21 January – England v Scotland

22 January – Zimbabwe v Pakistan

Share