ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තවත් දින 2කින් ආරම්භ වනවා.
දේශීය නිදහස් සංඛ්‍යාත ඔස්සේ තරගාවලියේ විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.
දෙවරක් ලෝක කුසලානය දිනූ කණ්ඩායම් දෙකක් ඇතුළකත් සී කාණ්ඩය ගැනයි අද අපි විමසා බලන්නේ.
ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ C කාණ්ඩයට එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය, නේපාලය සහ ඉතාලිය ඇතුළත්.
ඒ අතුරින් එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දෙවරක් ලෝක ශූරතාව දිනා ගෙන තිබෙනවා.
එංගලන්තය
හැරී බෲක්ගේ නායකත්වයෙන් මෙවර තරඟාවලියට එක්වන එංගලන්තය, පසුගිය T20 ලෝක කුසලාන තරඟාවලි හතරකදීම අර්ධ අවසන් වටය හෝ එයට ඉහළ මට්ටමට පැමිණ ඇති එකම කණ්ඩායමයි.
2010 සහ 2022 ශූරයන් වන එංගලන්තයට, අළුබදුන තරඟාවලියේදී සිදු වූ ආබාධයෙන් සුවය ලබා නැවත කණ්ඩායමට එක්වූ වේග පන්දු යවන ක්‍රීඩකර ජොෆ්ර ආචර් විශාල ශක්තියක්.
ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් සමග ඉහළ ජයග්‍රාහී මානසිකත්වයකින් ඔවුන් තරගාවලියට එක්වනවා.
ඉතාලිය
මෙවර T20 ලෝක කුසලානයට ප්‍රථම වරට සහභාගී වන එකම කණ්ඩායම වන්නේ ඉතාලි කාණ්ඩායමයි.
2025 යුරෝපා කලාප අවසන් තරඟාවලියේදී ස්කොට්ලන්තය පරාජය කරමින් ඔවුන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.
නේපාලය
හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටුවට් ලෝ නේපාල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.
කුෂාල් බර්ටෙල් සහ ආසිෆ් ශෙයික් 2025 වසරේ නේපාලයට වැඩිම ලකුණු ලබාදුන් ක්‍රීඩකයින් වන අතර, උපනායක දිපෙන්ද්‍ර සිං ආයිරි ද ශක්තිමත් ක්‍රීඩකයෙක්
2025 වසරේදී කඩුලු 21ක් ලබාගත් සංදීප් ලමිච්චානේ ඔවුන්ගේ ප්‍රධානතම පන්දු යවන්නායි.
ස්කොට්ලන්තය
2014 වසරෙන් පසු සියලුම තරඟාවලි සඳහා සුදුසුකම් ලැබූ ස්කොට්ලන්තය, මෙවර අඛණ්ඩව පස්වැනි වතාවට T20 ලෝක කුසලානයට එක්වෙනවා.
ඔවුන්ට ලෝක කුසලානයේ වරම් හිමි වුණේ බංග්ලාදේශය ඉන්දියාවේ සංචාරය කිරීමෙන් වැලකී සිටිමට ගත් තීරණය මතයි.
2021 වසරේ සුපිරි 12 වටයට පිවිසීම ස්කොට්ලන්තයේ ඉහළම ලෝක කුසලාන දස්කම ලෙස සැලකෙනවා.
බටහිර ඉන්දීය කොදෙව්
2012 සහ 2016 වසරවල ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන්, අවසන් වරට T20 ලෝක කුසලාන අවසන් වටයකට පිවිසියේ, කාලෝස් බ්‍රාත්වයිට්ගේ ඊඩ්න් ගාර්ඩන්ස් පිටියේ විශිෂ්ට දස්කමත් සමඟයි.
පසුගිය තරඟාවලියේදී තම දේශයේදී සුපිරි 8 දෙනාගෙන් වටයෙන් ඉවත්වීමේ හේතුවෙන් පමණක් ඩැරන් සැමිගේ කණ්ඩායම අවතක්සේරුවට ලක් කළ නොහැකි බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙනවා.
C කාණ්ඩයේ පළමු තරගය ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පෙබරවාරි 07 වැනිදා කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් හිදී පැවැත්වීමට නියමිතයි.





