HelpAge Sri Lanka සංවිධානය ආරම්භ කර අදට දශක හතරක්

ශ්‍රී ලංකාවේ වයස්ගත පුද්ගලයින්ගේ සමාජ, ආර්ථික හා සෞඛ්‍ය සුබසාධනය සඳහා කැපවූ ප්‍රමුඛතම සංවිධානයක් වන HelpAge Sri Lanka සංවිධානය ආරම්භ කර අදට දශක හතරක් සපිරෙනවා
මේ ඒ වෙනුවෙන් TV SUPREME NEWS තබන සටහනක්.

1980 දශකය…
ලෝකයේ රටවල් රැසක වයස්ගත පුරවැසියන් දරිද්‍රතාවයටත්, සමාජයෙන් අතහැර දැමීමටත්,අවධානයෙන් තොර ජීවිතයකටත් මුහුණ දෙමින් සිටි සමයක්.
එවැනි පසුබිමක් තුළ, බ්‍රිතාන්‍යයේදී, වයස්ගත ජනතාව වෙනුවෙන්ම බිහි වූ ජාත්‍යන්තර සංවිධානයක් ලෙස
HelpAge International ආරම්භ වන්නේ 1983 වසරේදීයි.
වයස යනු බාධාවක් නොව, ගෞරවය හිමි විය යුතු අවධියක්”යන සංකල්පය සමඟින්, හෙල්පේජ් International ආසියාව ,අප්‍රිකාව ,ලතින් ඇමරිකාව ,යුරෝපය ඇතුළු ලොව පුරා රටවල් 80කට අධික ප්‍රමාණයක වියපත් ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වුණා.
එවකට ශ්‍රී ලංකාව තුළද, ජීවිතායුෂ ඉහළ යාමත් සමඟ වයස්ගත ජනගහනය වේගයෙන් වැඩිවෙමින් පැවති අතර බොහෝ වයස්ගත පුද්ගලයින්, ආදායම් රහිතව, සෞඛ්‍ය පහසුකම් නොලැබ,සමාජයෙන් අමතක වූ ජීවිත ගත කරමින් සිටියා.
එම තත්ත්වය හඳුනාගත් HelpAge International,සංවිධානය 1986 වසරේදී HelpAge Sri Lanka ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරුණා.

ආරම්භයේ සිට මේ දක්වා HelpAge Sri Lanka, සංවිධානය වයස්ගත ජනතාවට සහය පමණක් නොව, ගෞරවය, හඬක් සහ අයිතියක් ලබාදීමේ අරමුණින් ග්‍රාමීය මට්ටමින් වයස්ගත සමූහ සංවිධාන පිහිටුවීම, ආදායම් උත්පාදන ව්‍යාපෘති, සෞඛ්‍ය කඳවුරු, අක්ෂි සැත්කම් ඇතුළු ව්‍යාපෘති රැසකට දායකත්වය ලබා දෙනවා.

දෙදහස් විසි තුන වර්ෂයේ මැයි මස 17 වැනි දින අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයෙන් ආරම්භ කළ වැඩිහිටියන් වෙනුවෙන් මෙරට මාධ්‍ය ආයතනයක් විසින් දියත් කරන දැවැන්තම සමාජ සත්කාරක වැඩසටහන වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා සමාජ සත්කාරක වැඩසටහනේ සංවිධාන ශක්තිය දරන්නේද HelpAge Sri Lanka සංවිධානයයි.

Share