HelpAge Sri Lanka විසින් ක්‍රියාත්මක කළ HASOP ව්‍යාපෘතිය අවසන් කෙරේ

මෙරට වැඩිහිටි ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ යහපැවැත්ම නංවාලීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ HASOP ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරමින් එහි සමාප්ති උළෙල ගාල්ල, කළුවැල්ලේදී පසුගියදා පැවැත්වුණා
HelpAge Germany හි සහයෝගීතාවයෙන් HelpAge Sri Lanka ආයතනය විසින් ක්‍රියාත්මක කළ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීම පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට දායක වූ පාර්ශවකරුවන් ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කෙරුණා .
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල්, හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් ප්‍රධානී චමින්ද ද සිල්වා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියා

Share