රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය දිවයින පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත වැඩ වැඩවර්ජනය හෙට පෙරවරු 8 දක්වා දීර්ඝ කර තිබෙනවා.
ස්ථාන මාරු ක්‍රියාවලියට දේශපාලන අතපෙවීම් කළ බවට චෝදනා කරමින් වෛද්‍යවරු පසුගිය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ අද මෙම වර්ජනයේ නිරතව සිටිනවා.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම ගැටලුවට මුල් වූ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා සීමාවාසික පුහුණුව අවසන් කළ සියයට 96ක් අයදුම් කර ඇති බවයි.
නීත්‍යානුකූලව පිළිගත් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරමින් ශ්‍රේණිධාරී වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දේශපාලන මැදිහත්වීම් කරන බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය මුල් වරට පසුගිය අඟහරුවාදා එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.
ඊට සාධනීය විසඳුමක් නොලැබුණු බවට චෝදනා කරමින් එම සංගමය ඉන් අනතුරුවත් පසුගිය බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා යන දිනවලද වර්ජනයේ නිතර වූ අතර අද වර්ජනය ක්‍රියාත්මක වන්නේ සිව්වැනි දිනටයි.
මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය සේවා ආයතනවල සායනික සහ දෛනික ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.
හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් පමණක් ක්‍රියාත්මකයි.
මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා ප්‍රතිකාර ඒකක, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.
මෙම වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත්වූයේ රෝගී ජනතාවයි.
වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව අද රැස්වීමට නියමිතයි.
කෙසේවෙතත් මෙම ගැටලුවට මුල් වූ පශ්චාත් සීමාවාසික පත්වීම සඳහා අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය ඊයේ දහවල් 12ට අවසන් වුණා.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා සීමාවාසික වෛද්‍ය පුහුනුව අවසන් කළ 96%ක්ම අයැදුම් කර ඇති බවයි.
එම සීමාවාසික වෛද්‍ය පුහුණුව මෙවර 453 දෙනෙකු සම්පූර්ණ කර ඇති අතර ඉන් 435 දෙනෙකුම ඒ සඳහා අයැදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.
මෙම වෛද්‍ය නිලධාරි පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරයෙන් සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය පදනම් කර ගනිමින් නව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ විිනිවිද භාවයෙන් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන මෙම අනුයුක්ත කිරීම හරහා දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවන් සපුරාලීමට අමාත්‍යංශය අපේක්ෂා කරන බවයි.
තෝරා ගන්නා අයැදුම්කරුවන්ගේ නාම ලේඛනය ඔවුන් අනුයුක්ත කරන සේවා ස්ථාන මෙන්ම සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර ද ඉදිරියේදී කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවද නිවේදනයේ සඳහන්. ස්ථාන මාරු සඳහා දේශපාලන මැදිහත්වීම් ඇති බව පවසමින් GMOA වර්ජනයක්
සිව්වැනි දිනටත් අද වර්ජනයේ
සාමාන්‍ය ප්‍රතිකාර අදත් ඇණ හිටියා
විශේෂ ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙනවා
වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට
ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද රැස්වෙන විධායක සභාවේ දී තීරණය කෙරේ
අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය ඊයේ දහවල් 12ට අවසන්





