අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැය 4කට වැඩි කාලයකට පසුව ඉන් පිටව ගියා.
මේ අතර කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධුර කාලයේදී, ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ව්‍යාපෘතියකට අදාළව පවත්වාගෙන ගිය සිරිලිය නම් ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව පසුගිය 27 වැනිදා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණ ද නීතිඥවරු මාර්ගයෙන් ලිඛිතව දැනුම් දී තිබුණේ එදින පැමිණිය නොහැකි බවයි.
ඒ අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද උදෑසන 09.45ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සමඟින්.
එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් ඇතුළු පිරිසක් එම පරිශ්‍රය අවට රැස්ව සිටියා.
පැය 4කට අධික කාලයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිටව ගියා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ දිගු නිහැඩියාවකින් අනතුරුව වසර 11 කට පසු සිරිලිය සවිය පිළිබඳ යළි විමර්ශනයක් සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැඳවීම දේශපාලන මර්ධනයක් බව තේරුම් ගැනීමට අපහසු නොවන බවයි
2015 වසරේ දී ආරම්භ කරන ලද විමර්ශන හේතුවෙන් සිරිලිය සවිය සංවිධානයේ මෙහෙයුම් කටයුතු අකර්මන්‍ය වී ඇති අතර සිය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සිරිලිය සවිය සංවිධානය නෛතික ක්‍රියා මාර්ගයන් වෙත අවතීර්ණ වුවද ඇතැම් විමර්ශකයින්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එකී උත්සාහයන් ව්‍යාර්ථ වූ බවද එම නිවේදනයේ දක්වා තිබෙනවා.
මෙකී සිදුවීම් පෙළ දේශපාලන වෛරයකින් තොරව කියවා බැලීමේ දී මනා ලෙස ඔප්පු වන්නේ ප්‍රතිවාදීන් මර්ධනය කිරීමේ සාහසික ප්රයත්නය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද එම නිවේදනයෙන් වැඩි දුරටත් සඳහන්.
වසර 11 කට පසු සිරිලිය සවිය පිළිබඳ යළි විමර්ශනයක් සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැඳවීම දේශපාලන වර්ධනයක් බව තේරුම් ගැනීම අපහසු නැත
-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –
2015 වසරේ දී ආරම්භ කරන ලද විමර්ශන හේතුවෙන් සිරිලිය සවිය සංවිධානයේ මෙහෙයුම් කටයුතු අකර්මන්‍ය විය.
-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –
සිය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සිරිලිය සවිය සංවිධානය නෛතික ක්‍රියා මාර්ගයන් වෙත අවතීර්ණ වුවද ඇතැම් විමර්ශකයින්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එකී උත්සාහ ව්‍යාර්ථ විය
-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-
මෙකී සිදුවීම් පෙළ දේශපාලන වෛරයකින් තොරව කියවා බැලීමේ දී මනා ලෙස ඔප්පු වන්නේ ප්‍රතිවාදීන් මර්ධනය කිරීමේ සාහසික ප්රයත්නය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි
-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-





