“FACETS Sri Lanka – 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී

“FACETS Sri Lanka – 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඊයේ ආරම්භ වුණා.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශණය හෙට දක්වා පැවැත්වෙනවා.
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS Sri Lanka’ මෙවර පැවැත්වෙන්නේ 32 වැනි වරටයි.
චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය ඇතුළු රටවල් රැසක ගැණුම්කරුවන් රැසක් ප්‍රදර්ශණයට එක්ව සිටිනවා.
මෙවර ප්‍රදර්ශණයේ ප්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා ගැණුම්කරුවන් හා අපනයනකරුවන් සමඟ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමයි.

Share