බ්‍රසීලයේ බෙලෙම් නගරයේ පැවත්වෙන COP30 දේශගුණික සමුළුවේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක හදිසි ගිනි ගැනීමක් සිදුවුණා.
මිනිත්තු හයක් වැනි කාලයකදී ගින්න පාලනය කිරීමට හැකි වූ බව බ්‍රසීල ගිනි නිවන බලධාරීන් පැවසූවා
ඉලෙක්ට්‍රික් උපකරණයක විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි සැකකරනවා.
ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදු නොවූ බව බ්‍රසීල සංචාරක අමාත්‍යවරයා මාධ්‍යයට තහවුරු කළා.
සමුළුව අද අවසන් වීමට නියමිතව තිබුණ ද , දේශගුණික මූල්‍යකරණය වැඩි කිරීම සහ පොසිල ඉන්ධනවලින් ඉවත් වන්නේ කෙසේද යන්න ඇතුළු කරුණු සම්බන්ධයෙන් පැමිණ සිටින රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක් අතර එකඟතාවයක් ලබා ගැනීමට මේ දක්වා හැකි වී නැහැ.





