ByteDance සමගාම සතුව ඇති ටික්ටොක් සමාජ මාධ්‍ය අමෙරිකාවේ ගිවිසුමක් අත්සන් කරයි

ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන චීනයේ ByteDance සමගාම සතුව ඇති ටික්ටොක් සමාජ මාධ්‍ය වේදිකාව අමෙරිකාවේ බහුතර හිමිකාරිත්වයක් සහිතව ඒකාබද්ධ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ටික්ටොක් යෙදුම අමෙරිකාව තුළ ක්‍රියාත්මක වීමෙදී එහි මෙහෙයුම් කටයුතුවලින් 80.1ක කොටස් අමෙරිකාව සතුවන අතර 19.9%ක හිමිකාරිත්වයක් මුල් සමාගම වන චීනයේ ByteDance සමාගම සතුව පවතිනවා.

මෙම ටික්ටොක් යෙදුමේ චීන හිමිකරු වන ByteDance සමාගම එහි මෙහෙයුම් අමෙරිකානු ආයෝජකයින්ට විකිණීමට අපොහොසත් වුවහොත් පසුගිය 2025 වසරේ ජනවාරි මාසයේදී අමෙරිකාවේ තහනම් කිරීමට නියමිතව තිබුණා.

අමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 170කට අධික පරිශීලකයින් පිරිසක් විසින් භාවිත කරන මෙම යෙදුම මගින් එරට ජාතික ආරක්ෂාව සම්බන්ධව ගැටලු ඇති බවත් දත්ත රසහස්‍යතාව සහ සයිබර් ආරක්ෂණ ගැටලු ඇති බවටත් මින් පෙර චෝදනා එල්ල වුණා.

නමුත් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ ByteDance සමාගම සඳහන් කළේ සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ස්වාධීන බවත් චීන රජය සමග දත්ත හුවමාරුවක් සිදු නොවන බවත්ය.

Share