බීබීසී ලෝක සේවයේ අධ්යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්රවෘත්ති අංශයේ ප්රධානි ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සම්බන්ධයෙන් සිදුකල වාර්තා චිත්රපටයක් සංස්කරණය කිරීමේදී ප්රේක්ෂකයින් නොමග යැවීමේ චෝදනා හේතුවෙන්.
2021 වසරේ ජනවාරි මස 6වන දින විරෝධතාකරුවන් වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට පහර දීමට පෙර ඩොනල්ඩ් ට්රම්ප් විසින් සිදුකළ කථාවක් සංස්කරණය කිරීමේදී එය ජනතාව නොමග යන ආකාරයේ සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දෝෂාරෝපණ එල්ල වී ඇතැයි වාර්තා වනවා.
බීබීසී ‘පැනොරාමා’ නමැති වැඩසටහනේදී ජනාධිප ට්රම්ප් ගේ කථාව සංස්කරණය කර ඇත්තේ, ඔහු විසින් ජනතාව උසිගැන්වීමේ අරමුණින් සිදු කරන ලදැයි හැඟී යන ආකාරයෙන් බව සඳහන්.
කෙසේ වෙතත්, එහිදී ජනාධිපතිවරයාගේ කථාව ආරම්භයේ සහ අවසානයේ කොටස් දෙකක් එකතු කර වැරදි අර්ථ දැක්වීමක් වන පරිදි එය සංස්කරණය කර ඇති බවයි හෙළි වී ඇත්තේ.
මෙම වරද හේතුවෙන් බීබීසී ආයතනය වෙත ලිපියක් යොමුකරමින් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව බීබීසී අධ්යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහු පවසා ඇත්තේ වසර පහකට පසු රැකියාවෙන් ඉවත් වීම සම්පූර්ණයෙන්ම සිය පෞද්ගලික තීරණයක් බවයි.
මේ අතර, බීබීසී ප්රවෘත්ති ප්රධානි ඩෙබෝරා ටර්නස්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ, පක්ෂග්රාහී සහ ව්යාජ ප්රවෘත්ති විකාශය කල බවටයි.
අමෙරිකානු සෙනෙට් සභිකයින් ඉතිහාසයේ දීර්ඝතම රාජ්ය අක්රියතාව අවසන් කළ හැකි අරමුදල් පනතක් ඉදිරියට ගෙන යා හැකි ගිවිසුමකට එකඟ වී තිබෙනවා.
අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්ය අරමුදල් ලබාදීමේ පනත් කෙට්ම්පත් සම්මත නොවීම හේතුවෙන් ෆෙඩරල් රජය මේ වන විට දින 40ක් පුරා වසා දමා තිබෙනවා.
මෙය එරට ඉතිහාසයේ දීර්ඝතම රාජ්ය අක්රියතාවයයි.
මෙම වසා දැමීම හේතුවෙන් ෆෙඩරල් සේවකයින් සේවයෙන් ඉවත් වී ඇති අතර, ආහාර ආධාර ප්රමාදවීම්, ගුවන් ගමන් අවලංගුවීම් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට රිපබ්ලිකන්වරුන් සමඟ සාකච්ඡා කරන ලද ගිවිසුමකට ඡන්දය දීමට ඩිමොක්රටික් නීති සම්පාදකයින් සූදානමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
එම ඡන්දය සම්මත වුවහොත් අමෙරිකාව පුරා රජයේ සේවාවන් නැවත සක්රීය වනු ඇති.
කෙසේ වෙතත් මෙම ගිවිසුම ක්රියාත්මක වීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව කිව නොහැකි බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.





