Artemis II මෙහෙයුමේ ගගනගාමීන් ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවුණා.

මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා හඳුනා නොගත් පියාඹන වස්තූන්, අභ්‍යවකාශ බලකාය සහ ඉරාන යුද්ධය වැනි මාතෘකා පිළිබඳව ද අදහස් දැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් නිල් පැහැති ජැකට් හැඳ ජනාධිපතිවරයා හමුවීමට පැමිණ තිබුණා.

මෙහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ප්‍රමුඛතාවන් පිළිබඳවද කරුණු දැක්වූ අතර, හඳුනා නොගත් පියාඹන වස්තූන් සම්බන්ධයෙන් වර්ගීකරණය කරන ලද තොරතුරු ප්‍රසිද්ධ කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, තම පාලන කාලය තුළ තවත් අයෙකු සඳ මත ඇවිදීමට හොඳ අවස්ථාවක් ඇති බවත් ප්‍රකාශ කර තිබෙනවා.

නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් තහවුරු කළේ 2027 දී ආටෙමිස් III මෙහෙයුම දියත් කිරීමට සහ 2028 දී නැවතත් මිනිසෙකු සඳ මතට යැවීමට කටයුතු කරන බවයි. 

Share