සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන්, එකමුතුකම, සම්ප්රදාය සහ ගම්බිම් බලා යාමේ චාරිත්‍රය සංකේතවත් කරමින් Allianz Insurance Lanka Limited සිය අවුරුදු නෑගම් වැඩසටහන අඛණ්ඩව දෙවන වරටත් මේ වසරේ ක්‍රියාත්මක කළා.
ඒ අනුව Allianz Avurudu Negam 2026 වැඩසටහන තුළින්, ගාලු කුමාරි දුම්රියෙන්, මරදාන සහ කොටුව දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කර ගාල්ල සහ බෙලිඅත්ත දුම්රිය ස්ථානවලින් ගමන් අවසන් කරන මගීන් මිලදී ගත් ටිකට් පත්වල මුදල් ආපසු ලබාදීමට කටයුතු කෙරුණා.
මගීන්ගේ පහසුව උදෙසා මෙම පහසුකම අප්‍රේල් 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට Allianz සමාගම කටයුතු කර තිබෙනවා.
මෙම කාල සීමාව තුළ මුදල් ආපසු ගෙවීම සඳහා සුදුසුකම් ලබන මගීන්ට නොමිලේ Allianz පුද්ගලික අනතුරු රක්ෂණය ලබා ගැනීමේ අවස්ථාවද ලබාදුන් අතර සැනසිලි ත්‍යාගවලින් සමන්විත රුපියල් මිලියන 1 ක ලොතරැයි දිනුම් ඇදීමකට ද ඇතුළත් වීමට Allianz සමාගම විසින් මගීන්ට අවස්ථාව සලසා දී තිබුණා.





