කිසිවෙකු අත්නොහැරෙන සේ, ආචාරධර්ම මුලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳව පොදු වටිනාකම් බෙදාගනිමින් අනෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ හවුල් වී ඉදිරියට යෑමට ශ්‍රී ලංකාව සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවේ නායක සැසිය අමතමින්.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව නවදිල්ලි නුවරදී පැවැත්වෙනවා.
එහි රාජ්‍ය නායක සැසියේ සමාරම්භය සිදුවුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, බ්‍රසීල ජනාධිපති Lula de Silva සහ භූතානයේ අගමැති Tshering Tobgay යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක් ඊට එක් වුණා
සමුළුව ඇමතු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ ලෝකයේ සැම මිනිසුන් 6 දෙනෙකුගෙන් එක් අයෙකුම නියෝජනය කරමින් ලොව විශාලම තරුණ ප්‍රජාව ඇති ඉන්දියාව නුතන තාක්ෂණ ක්ෂේත්‍රයේ මාධ්‍ය කේන්ද්‍රය වී ඇති බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මෙම AI Impact 2026 සමුළුවේ රාජ්‍ය නායක සැසිය ඇමතුවා. මේ අතර AI Impact 2026 සමුළුවට සමගාමීව නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම්හි දී සංවිධානය කර තිබු ප්‍රදර්ශනය නැරඹීමටද මෙහිදී රාජ්‍ය නායකයන් එක් වුණා.





