නවදිල්ලියේ භාරත් මණ්ඩපම් පරිශ්‍රයේ පැවැත්වෙන 2026 ඉන්දීය AI Impact සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට එරෙහිව ඉන්දීය තරුණ කොංග්‍රස් ක්‍රියාකාරීන් පිරිසක් විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ මඟ පෙන්වීම යටතේ උඩුකය නිරාවරණය කරමින් විරෝධතාවයක නිරත වි තිබෙනවා.
විරෝධතාකරුවන් ශාලාව තුළට ඇතුළු වී තම ටී-ෂර්ට් ගලවා අතැතිව සටන් පාඨ කියමින් ගමන් කරන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවල දැක්වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව දිල්ලි පොලිසිය පැවසුවා.





