සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 129 වැනි අදියර හෙට මතුගමදී

මෙරට මාධ්‍ය ආයතනයක් විසින් දියත් කරණ දැවැන්තම සමාජ සත්කාරක වැඩසටහනක් වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 129 වැනි අදියර හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ මතුගම, යටදොලවත්ත වාචිස්සරාරාම විහාරස්ථාන පරීශ්‍රය කේන්ද්‍රකර ගනිමින්.

අපේ රටේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා 129 වැනි අදියර හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත්තේ මතුගම, යටදොලවත්ත වාචිස්සරාරාම විහාරස්ථාන පරිශ්‍රයේදීයි.
මෙරට ජීවත් වන වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම් ජාලයේ සභාපති ආර්. එම්. මනිවන්නන් මහතාගේ උදාරතර සංකල්පයකට අනුව දියත් කෙරෙන මෙම ආයතනික සමාජ සත්කාරක වැඩසටහනට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ටීවී සුප්‍රීම් නාලිකාව සහ සුප්‍රීම් රේඩියෝවයි.
“අපිව බලන ඔබේ වටින දෑස් අපිට වටිනවා දෑස තරමටම” යන්න තේමා කර ගනිමින් මෙරට සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිත මෙම සමාජ සත්කාරක වැඩසටහන හරහා මෙරට වයස අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍යමත් යහපැවැත්ම වෙනුවෙන් සේවාවන් රැසක් ක්‍රියාවට නැංවෙනවා
නොමිලේ දියත් කෙරෙන මෙම සමාජ මෙහෙවර යටතේ අක්ෂි පරික්ෂාව, ඇසේ සුද ඇති බවට හඳුනා ගන්නා ප්‍රජාව වෙනුවෙන් සැත්කම් මගින් කාච දැමීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීම, බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ පමණක් නොව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් උපදේශන සේවාවන් ද ක්‍රියාත්මකයි
යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවද මෙම සමාජ සත්කාරක වැඩසටහනට දිරි බලය සපයනවා.
මෙම සමාජ සත්කාරක වැඩසටහනේ වෛද්‍ය හා සෞඛ්‍ය සත්කාරක සහකරු ලෙස ක්‍රියා කරන්නේ හෙල්ප් එජ් ශ්‍රී ලංකා ආයතනයයි.
මීට සමගාමීව, මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන තවත් සමාජ මෙහෙවරක් වන සුප්‍රීම් දිරි ශක්ති කලාපය ද හෙට උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා ක්‍රියාත්මකයි.
එහිදී දෙස් විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වීමේ හා අයදුම් කිරීමේ අවස්ථාව ඒ අවට තරුණ තරුණියන්ට හිමි වනවා.
මෙම සද්කාර්‍යය සිදුකරන්නේ වසර 20කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් සහිත ටස්මා ඉන්ටනැෂනල් මෑන්පවර් පුද්ගලික සමාගම සහ සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් එකමුතුවෙන්.

Share