දකුණු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබි මත්ද්‍රවය කිලෝග්‍රෑම් 181කට ආසන්න ප්‍රමාණයක් හමු වී තිබෙනවා.
එහි සිටි ධිවරයින් 5 දෙනා ද සමග යාත්‍රාව අද පෙවරුවේ දික්ඔ්විට ධීවර වරාය වෙත රැගනෙ එනු ලැබුවා.
ශ්‍රී ලංකාවට දකුණින් ගැඹුරු හුදු ප්‍රදේශයේ දී නාවික හමුදාවේ දිගු දුර නෞකා කළ විශේෂ මෙහෙයුමක දී සැක සහිත බහුදින ධිවර යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබෙනවා.
යත්‍රාවේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගැණුනා.
පසුව එය පරික්ෂා කිරිමේ දි එහි මත්ද්‍රව්‍ය තිබෙන බව තහවුරු කරගෙන එම යාත්‍රාව අද පෙරවරු 6.00ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූවා.
මෙම බහුදින ධිවර යාත්‍රාව ගන්දර ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇත්තේ පසුගිය 9 වැනිදායි.
යාත්‍රාව දික්ඔ්විටට රැගෙන ඒමෙන් පසු එහි තිබූ මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ආරම්භ කරනු ලැබුවා.
මලු 11ක් තුළ තිබූ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 181කට වැඩි බව පොලිසිය පැවසුවා.
යාත්‍රාවේ තිබූ අයිස් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 160කට අධික වන අතර හෙරොයින් කිලෝ ග්‍රෑම් 21කට වැඩි ප්‍රමාණයක් ද එහි තිබුණා.
වැටලීම කළ නිලධාරීන් ඇගයීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නාවික හමුදාපතිවරයා ද දික්ඔ්විට ධීවර වරාය වෙත පැමිණියා.
යාත්‍රාවේ සිටි සැකකරුවන් 5 දෙනාම දෙවුන්දර පදිංචිකරුවන් බව තහවුරු කරගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පැවසුවේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් ගොඩබිම දී අත්අඩංගුවට ගත් බවයි.
එම සැකකරුවන් හය දෙනා අද දින කොළඹ අලුත් කඩේ අංක 01 අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මේ අතර තායිලන්තයේ සිට ගුවන් මගින් මෙරටට එවා තිබූ පාර්සලයක් තුළ තිබී කුෂ් කිලෝ ග්‍රෑම් 6කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
ඒ, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු නිලධාරීන් විසින් කළ පරික්ෂාවක දී.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පදිංචි 31 හැවිරිදි සැකකරුවෙක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.





