22 වැනි වරටත් පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ නිර්දේශිත නාම පුකාශයට පත් කිරීමේ උත්සවය ඊයේ පස්වරුවේ බත්තරමුල්ලේ දී පැවැත්වුණා.
එහිදී වසරේ විශිෂ්ඨතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක සම්මානය සහ වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන වෙනුවෙන් ටීවී සුප්‍රීම් නිර්දේශ වුණා. රූපවාහීනි ක්ෂේත්‍රයේ විශිෂ්ඨයින් ඇගයීමට ලක් කෙරෙන රයිගම් ටෙලීස් 22 වැනි සම්මාන උළෙල අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතයි.
ඒ වෙනුවෙන් වූ නිර්දේශිත නාම ප්‍රකාශයට පත්කිරීමේ උත්සවය ඊයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ දී උත්කර්ෂවත්ව පැවැත්වුණා.
කලාකරුවන්, රූපවාහිනී නිර්මාණ ශිල්පීන් ඇතුලු බොහෝ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී සම්මානිත ටීවී සුප්‍රීම් නාලිකාව මෙවරත් රයිගම් ටෙලිස් සම්මාන ද්විත්වයකට නිර්දේශ වුණා.
ඒ මාධ්‍ය විශිෂ්ටතා කාණ්ඩය යටතේයි.
ඒ අනුව වසරේ විශිෂ්ඨතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක ලෙස, ටීවී සුප්‍රීම් නිවුස් වෙනුවෙන් ධනුෂ්ක සෙනෙවිරත්න නිර්දේශ වුණා. රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය මාර්තු 28 වැනිදා කොළඹ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිතයි.





