ප්‍රමිතිගත අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමේ අරමුණින් 2027 වසරේ සිට නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලාවක් ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
මේ සඳහා වන ගුරු පුහුණුකිරීමේ වැඩසටහන ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලා ජාතික ප්‍රතිපත්ති රාමුව හඳුන්වාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.





