එළැඹෙන 2027 වසරේ නව වැටුප් වැඩිවීම සිදුවන තෙක් කිසිදු දීමනාවක් ඉහළ නොදමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් ව්‍යසනයට පත් ජනතාව නැවත පදිංචි කරවීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන එක්වෙමින්.
දිට්වා සුළි කුණාටුවෙන් පුර්ණ සහ අර්ධ ලෙස හානියට ලක් වූ නිවාස වෙනුවෙන් සහ පීඩාවට පත් කර්මාන්තකරුවන්ට වන්දි ප්‍රදානය කිරීම අද පෙරවරුවේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනා
මෙහිදී කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රතිලාභීන් 150 දෙනෙක් වෙනුවෙන් මෙලෙස වන්දි ප්‍රධානය කෙරුණා.
ඒ අනුව අද සිදුකෙරුනේ පුර්ණ නිවාස හානි වූවන්ට නව නිවසක් ඉදිකර ගැනීම සඳහා ගෙවීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් චෙක්පත් ප්‍රදානයයි.
එමෙන්ම අර්ධ හානි වූ නිවාස සඳහා තක්සේරුව අනුව නිවස යථාවත් කර ගැනීම සඳහා ද වන්දි ප්‍රදානය සිදු කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මෙහිදී තක්සේරු කමිටුවේ තක්සේරුව අනුව රුපියල් ලක්ෂ 25ක උපරිමය දක්වා වන්දි ගෙවීම සිදුකළ හැකි නමුත් කඩිනම් සහන සැලසීමේ අරමුණින් ප්‍රතිලාභීන්ගේ කැමැත්ත අනුව තක්සේරුවකින් තොරව රුපියල් ලක්ෂ 05ක ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ප්‍රතිලාභීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක අර්ධ හානි වන්දි මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමත් සිදු කෙරුනා.
මේ අතර මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගවලින් එකක් වන මහනුවර – යාපනය A9 මාර්ගයේ මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් මිලියන 699.6ක වියදමින් ඉදි කෙරෙන මෙම උමං මාර්ගයේ ඉදිකිරීම් අද සිට දින 273ක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි
උමං මාර්ගයේ සැලැස්ම නිරීක්ෂණය කරමින් නිලධාරින් සමග කෙටි සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා එම ස්ථානයට රැස්වී සිටින ජනතාව සමග ද සුහද කතා බහක නිරත වුනා
මේ අවථාවට අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.





