ඉන්දියාව විසින් නවදිල්ලියේ භාරත් මණ්ඩපම් හිදී සත්කාරකත්වය දරන 2026 AI Impact සමුළුව අද ආරම්භ වුණා.
සමුලුව ලබන 20 වැනිදා දක්වා පැවැත්වෙනවා.
පළමු වරට දකුණු ආසියාවේ පැවැත්වෙන මෙම සමුළුවට රටවල් 100 කට අධික සංඛ්‍යාවක සහභාගීත්වය අපේක්ෂා කරන අතර, ගෝලීය රාජ්‍ය නායකයින් 20 දෙනෙක්, විවිධ රටවලින් අමාත්‍යවරුන් 50 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.
ඒ අනුව,ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සමලුවට සහභාගී වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
ඊට අමතරව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙන්ම ස්පාඤ්ඤ, නෙදර්ලන්ත, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය ඇතුලු රටවල් ගණනාවක නායකයින් සමලුවට එක්වීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සාකච්ඡා සඳහා එක්වනු ඇති.
මීට අමතරව, OpenAI හි සෑම් ඇල්ට්මන්, ගූගල් හි සුන්දර් පිචායි සහ ඇන්ත්‍රොපික් හි ඩාරියෝ අමෝඩෙයි මෙන්ම රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි මුකේෂ් අම්බානි වැනි ප්‍රමුඛ ගෝලීය සහ ඉන්දියානු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් 40 කට අධික සංඛ්‍යාවක් ද භට සහභාගීවනවා.
මෙම ප්‍රදර්ශනයේදී AI පරිසර පද්ධතියේ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රදර්ශනය කරන රටවල් 13ක ප්‍රදර්ශන කුටි ඇතුළත්.
සමුළුවට ජාත්‍යන්තර නියෝජිතයින් ඇතුළුව ලක්ෂ 2කට අධික අමුත්තන් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.





