2026 ශීත ඍතු ඔලිම්පික් රන් පදක්කම් ඉතිහාසයේ වැඩිම මූල්‍ය වටිනාකමක් සහිත පදක්කම් ලෙස වාර්තා වේ

මේ දිනවල ඉතාලියේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහකයින්ට පිරිනමන පදක්කම්, ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම මූල්‍ය වටිනාකමක් සහිත පදක්කම් ලෙස වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා.
ලෝක වෙළඳපොළේ රන් සහ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුවයි.
2024 වසරේ පැවැති පැරිස් ඔලිම්පික් උළෙලෙන් පසුව, රන් මිල 107% කින් සහ රිදී මිල 200% කින් පමණ ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ නිසා පදක්කමක අඩංගු ලෝහවල වටිනාකම පමණක් සැලකීමේදී මෙවර රන් පදක්කමක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 2,300ක්.
රිදී පදක්කමක වටිනාකම ඩොලර් 1,400ක් වන අතර එය වසර දෙකකට පෙර පැවති වටිනාකමට වඩා තුන් ගුණයක වැඩි වීමක්.
ලෝකඩ පදක්කම, තඹ ලෝහයෙන් නිර්මාණය වන ලෝකඩ පදක්කමක මූල්‍ය වටිනාකම ඩොලර් 5.60ක්.

Share