2026 දී ඉන්දියාවේ පළමු අභ්‍යවකාශ මෙහෙයුම ශෝකජනක ලෙස අවසන් වී තිබෙනවා.
මෙයට හේතුව වී ඇත්තේ, සාර්ථකව ගුවන් ගත කෙරුණූ පී.එස්.එල්.වී.සී සික්ස්ටී ටු (PSLV-C62) රොකට්ටුවේ තුන්වන අදියරේ දී ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය පාලනයෙන් ගිලි හී යෑමයි.
ආන්ද්‍ර ප්‍රදේශ් හි ශ්රීහාරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඉන්දියානු වේලාවෙන් පෙ.ව. 10:18ට දියත් කිරීමෙන් මිනිත්තු අටකට පසු එය පියාසැරි මාර්ගයෙන් බැහැර වුණා.





