2026 වසරේ ප්‍රථම හජ් වන්දනා නඩය සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව යයි

2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින්, 325 දෙනෙකුගෙන් යුතු ප්‍රථම වන්දනා නඩය ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගියා.
එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේ කෙටි උත්සවයක් ද සංවිධාන කර තිබූ අතර ඊට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාලීඩ් හමූද් අල් කහ්තානි මෙන්ම ශ්‍රී ලංකා හජ් කමිටුවේ පිරිසක් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ

මිතුරන් පිරිසක් සමග සෙවනගල පොලිස් වසමේ කටුපිල වැවේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
මෙලෙස මිය ගොස් ඇත්තේ,16 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්

දුම්රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ලාන්ස් කොප්‍රල්, ඒ.පී. මරියලුජිසන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව, ඊයේ කිලිනොච්චිය, අයියකකච්චි ප්‍රදේශයේ සාවත්ති පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
2014 වසරේ ජූනි මස 01 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ ලාන්ස් කොප්‍රල් මරියලුජිසන් ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අනුයුක්ත කිරීමෙන් අනතුරුව එහි සේවය කරමින් සිටියදී, මුරිකන්ඩි ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් මස 19 වැනි දා සිදුවූ දුම්රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා තිබුණා

නුවරඑළිය, රාගල බෲක්සයිඩ් ප්‍රදේශයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක ඊයේ පෙරවරුවේ ගින්නක් හට ගත්තා.
ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

Share