2026 මත් රියැදුරන් 2200ක් අල්ලයි

2026 වසරේ ගතවූ කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් 2200ක් අත්අඩංගුවට ගෙන ඇති බව රථ වාහන පාලන සහ ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති W P J සේනාධිර මහතා පවසනවා.
අද කොළඹ වෙස්ලි විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

කොළඹ වෙස්ලි විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ, එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, රථ වාහන පාලන සහ ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති W P J සේනාධිර මහතාගේ ප්‍රධානත්වයෙන්.

Share