2026 අප්‍රේල් මාසයේදී Meta සමාගම Messenger වෙබ් අඩවිය වසා දැමීමට නියමිතයි

Meta සමාගම සිය ස්වාධීන Messenger වෙබ් අඩවිය 2026 අප්‍රේල් මාසයේ සිට ක්‍රියා විරහිත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, මින් ඉදිරියට පරිගණකයක් හරහා Messenger සේවාව ලබා ගැනීමට නම් පරිශීලකයින්ට Facebook ප්‍රධාන වෙබ් අඩවිය හරහා පිවිසීමට සිදුවනු ඇති.
මෙම තීරණයත් සමග සක්‍රීය Facebook ගිණුමක් නොමැතිව Messenger සේවාව පමණක් භාවිතා කරන පුද්ගලයින්ට සිය පණිවුඩ පරීක්ෂා කළ හැකි වනු ඇත්තේ ජංගම දුරකථන යෙදුම භාවිතයෙන් පමණයි.

Share