රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර අද ආරම්භ වුණා.
මේ අතර, ආපදාවෙන් දැඩි බලපෑමට ලක්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට විවෘත කෙරෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.
2026 අධ්‍යනය වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් අද ආරම්භ වුණා.
ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වනවා. 2026 අධ්‍යනය වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් අද ආරම්භ වුණා.
ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වනවා. එසේම මධ්‍යම පළාතේ පාසල් 1507න් 1494ක් හෙට දිනයේ විවෘත කිරීමට නියමිතයි. අද සිට ආරම්භ වන 2026 පළමු වාරයේ පළමු අදියර අද සිට ලබන 09 වැනිදා දක්වා පැවැත්වෙනවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ජනවාරි 12 වැනිදා සිටයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණිය සඳහා ජනවාරි 29 වැනිදාත්, 06 වැනි ශ්‍රේණිය සඳහා ජනවාරි 21 වැනිදාත් නව විෂය මාලා අනුව විධිමත් අධ්‍යයන කටයුතු ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.





