2024 වසරට සාපේක්ෂව 2025 වසරේ සිදුවූ රථ වාහන අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව 322කින් ඉහළගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා
2024 වසරේ දී මාරක රිය අනතුරු 2,287ක් සිදුව ඇති අතර මරණ 2,388ක් වාර්තා වී ඇති අතර, 2025 වසරේ දී මාරක රිය අනතුරු 2,562ක් සහ මරණ 2,710ක් වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.





