2025 ජනාධිපති මාධ්‍ය සම්මාන උළලේදී වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි ජනාධිපති සම්මානය ටීවී සුප්‍රීම් ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මලින්ද තිරිමාන්න නිර්මාණය කළ මහජනතාවට පීඩා නොකළ ෆින්ලන්තයේ වර්ජකයෝ විශේෂංගයට හිමිවුණා.
මේ වන විට නෙලුම් පොකුන රඟහලේ පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළලේදී ටීවී සුප්‍රීම් වෙනුවෙන් මලින්ද තිරිමාන්න වෙනුවෙන් ටීවී සුප්‍රීම් නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වෙනුර ප්‍රනාන්දු මෙම සම්මානය ලබා ගත්තා.
එමෙන්ම 2025 ජනාධිපති මාධ්‍ය සම්මාන උළලේ වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා මාධවී ජයවික්‍රම නිර්මාණය කළ මාළු වෙනුවට පබළු ඇහිදින සරක්කුවේ ධීවර කතුන් යන ප්‍රවෘත්ති විශේෂංගයත් නිර්දේශවීම විශේෂත්වයක්.
මෙවර ජනධිපති සම්මාන උළලේදී ටීවී සුප්‍රීම් ප්‍රවෘත්ති නිවේදිකා උත්පලා රත්නායක ද වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක ජනාධිපති සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා. මාධ්‍ය කේෂ්ත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට ලක් කෙරෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළලේදී වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි ජනාධිපති සම්මානය දිනා ගැනීමට ටීවී සුප්‍රීම් නිවුස් සමත් වුණා.
ඒ මලින්ද තිරිමන්න නිර්මාණය කළ මහජනතාවට පීඩා නොකළ ෆින්ලන්තයේ වර්ජකයෝ විශේෂංගය වෙනුවෙන්.
ඊට අමතරව ජනාධිපති සම්මාන සඳහා හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් මාධවි ජයවික්‍රම මෙන්ම හොඳම ප්‍රවෘත්ති නිවේදක කාණ්ඩයට උත්පලා රත්නායක ද නිර්දේශවී තිබීම විශේෂත්වයක්.
2025 ජනාධිපති සම්මාන උළෙල අද පස්වරුවේ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.
ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මාධ්‍ය කේෂ්ත්‍රයේ විශිෂ්ටයින් ඇගයිමට ලක් කළ මෙම සම්මාන උළලේදී රූපවාහිනි, ගුවන් විදුලි, පුවත් පත්, වෙබ් මාධ්‍ය ඇතුළු කේෂ්ත්‍ර කිහිපයක විශිෂ්ටයින් ඇගයිමට ලක්වුණා.
ජනාධිපති සම්මාන උළලේ ජීවිතයේ එක්වරක් පිරිනැමෙන යාවජීව සම්මානය ජනාමාධ්‍ය කේෂ්ත්‍රය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදු කළ පස් දෙනෙක් වෙනුවෙන් පිරිනැමුණා.
විශිෂ්ටතම සාහිත්‍ය ධරයෙකු වූ මාහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මෙරට රූපවාහිනි කේෂ්ත්‍රයේ ප්‍රමුඛයා වන ශාන් වික්‍රමසිංහ, ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු වන සිරි රණසිංහ, මුතුහර ළමා වැඩසටහනේ නිර්මාතෘ ලලිතා සිරිබද්දන මෙන්ම ජ්‍යෙෂ්ඨ නිවේදක අබ්දුල් හමීඩ් ගෞරව සම්මානයෙන් පුද ලැබුවා.
බොහෝ දෙනාගේ අවධානය යොමුවුණේ රූපවාහිනි කේෂ්ත්‍රය සඳහා පිරිනැමෙන ජනාධිපති සම්මානය දෙසයි.
එහිදී වසරේ විශිෂ්ටතම ප්‍රවාත්ති වාර්තාකරණය වන නිර්දේශිත නාම අතරින් දෙකක්ම නිර්දේශ වි තිබුණේ ටීවී සුප්‍රීම් නිවුස් නිර්දේශවී තිබීම විශේෂත්වයෙක්.
ඒ අනුව මෙවර හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි ජනාධිපති සම්මානයට හිමිවූයේ ටීවී සුප්‍රීම් වෙනුවෙන් මලින්ද තිරිමාන්න අධ්‍යක්ෂණය කළ මහජනතාවට පීඩා නොකළ ෆින්ලන්තයේ වර්ජකයෝ ප්‍රවෘත්ති විශේෂංගයට හිමිවුණා.
ඔහු විදේශගතව සිිටින බැවින් එම සම්මානය හිමිකරගත්තේ ටීවී සුප්‍රීම් නිවුස් නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වෙනුර ප්‍රනාන්දු මහතා විසින්.
එම සම්මාන කණ්ඩාය යටතේම ටීවී සුප්‍රීම් විසින් මාධවී ජයවික්‍රම නිර්දේශවී තිබුණේ ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද පබළු ඇහිදින සරක්කුවේ ධීවර කතුන් යන ප්‍රවෘත්ති විශේෂංගයටයි.
එමෙන්ම මෙවර ජනධිපති සම්මාන උළලේදී ටීවී සුප්‍රීම් ප්‍රවෘත්ති නිවේදිකා උත්පලා රත්නායක ද වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක ජනාධිපති සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා





