2023 ඔක්තෝබර් මාසයේ සිට මිලියන 5.4 ක ජනතාවක් ඇෆ්ගනිස්ථානයට ආපසු පැමිණෙයි.

අසල්වැසි පකිස්ථානයෙන් සහ ඉරානයෙන් මිලියන සංඛ්‍යාත ඇෆ්ගනිස්ථානුවන් නැවත පැමිණීම ඇෆ්ගනිස්ථානය බරපතළ අර්බුදයකට තල්ලු කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය අනතුරු අඟවනවා.
එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසන්නේ ආපසු පැමිණිම් පෙර නෙවූ විරූ මට්ටමකට පැමිණ ඇති බවයි.
2023 ඔක්තෝබර් මාසයේ සිට මිලියන 5.4 ක ජනතාවක් ඇෆ්ගනිස්ථානයට ආපසු පැමිණ තිබෙනවා.
ලේඛන නොමැතිව සංක්‍රමණිකයන් නෙරපා හැරීම සඳහා පකිස්ථානය 2023 ඔක්තෝබර් මාසයේදී පුළුල් මර්දනයක් දියත් කළ අතර, අත්අඩංගුවට ගැනීම සහ බලහත්කාරයෙන් පිටුවහල් කිරීම වළක්වා ගැනීම සඳහා තමන්ගේම කැමැත්තෙන් රටින් පිටව යන ලෙස බල කෙරුණා.
ඉරානය ද ඒ සමඟම සංක්‍රමණිකයන්ට එරෙහිව මර්දනයක් ආරම්භ කළා.
මේ වසර ආරම්භයේ සිට මාස එකහමාරක් ඇතුළත දැනටමත් 150,000 ක් පමණ ජනතාව ඇෆ්ගනිස්ථානයට ආපසු පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසනවා.

Share