2022 වසරෙන් පසු ප්රථම වතාවට බෙත්ලෙහෙම් නගරයේ රතු සහ රන්වන් පැහැති සැරසිලි වලින් සරසා තිබෙන විශාල නත්තල් ගසක් ආලෝකකරණය කර තිබෙනවා.
ජේසුස් වහන්සේගේ උපන් ස්ථානය ලෙස කිතුනුවන් විසින් සලකන මෙම පලස්තීන නගරය, පසුගිය වසර දෙක තුළ ගාසා තීරයේ යුද්ධය ඇවිළෙමින් තිබියදී ප්රසිද්ධ නත්තල් සැමරුම්වලින් වැළකී සිටියා.
නමුත් ගාසා තීරයේ අස්ථිර සටන් විරාමය එහි දෙවන මාසයට පිවිසෙත්ම, මැන්ගර් චතුරශ්රයේ මායිමේ මීටර් 20 ක් උස නත්තල් ගස ආලෝකමත් කරමින් උත්සවයක් පැවැත්වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.





